එල්ගර්ගේ ශතකය හමුවේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (27) නිමා වුණේ ඩීන් එල්ගර් වාර්තා කළ විශිෂ්ඨ ශතකය හමුවේ දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 256 ක්. ඒ, ඉන්දියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 245 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 11 ක්.

සිය අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු ඩීන් එල්ගර් අද වාර්තා කළේ සිය 14 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 211 කින් නොදැවී ලකුණු 140 ක් ලබා සිටි එල්ගර්ගේ ඉනිමට හතරේ පහර 23 ක් ඇතුළත්.

ඔහු සමග ඉනිම ආරම්භ කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 5කට දැවී ගිය අතර, ටෝනි ද සොර්සි ලකුණු 28 යි. එල්ගර් හා ටෝනි අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 93 (153) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අනතුරුව පිටියට පිවිසි කීගන් පීටර්සන් රැස් කළේ ලකුණු දෙකක් පමණයි. ඉන්දියාව එම අවස්ථාවේ දී යළි සටනට අවතීර්ණ වීමට ගත් උත්සාහය ව්‍යර්ථ කළ ඩීන් එල්ගර් හා David Bedingham සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 131 (182) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් තරගයේ පාලනය සිය කණ්ඩායම වෙත නතු කර ගත්තා.

Bedingham රැස් කළ ලකුණු සංඛ්‍යාව 56 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත්. Kyle Verreynne ලකුණු 4කට දැවී ගිය අතර, මාර්කෝ ජන්සෙන් නොදැවී ලකුණු 3යි. පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වූ නායක ටෙම්බා බවුමා අද දිනයේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නැහැ.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා හා මොහමඩ් සිරාජ් කඩුලු 2 බැගින් දවා ගත් අතර, ප්‍රසිද් ක්‍රිෂ්නා එක් කඩුල්ලක් බිද හෙලුවා.

සෙන්චූරියන් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව අද දිනය සදහා තරගය ආරම්භ කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 208 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 245 ක් රැස් කළේ කේ එල් රාහුල්ගේ සටන්කාමී ශතකයෙන් ශක්තිමත් වෙමින්.

රාහුල් ලකුණු 101 (137) කට දැවී ගියේ ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි. ඔහුගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 14 කින් වර්ණවත් වී තිබුණා.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 38 ක්, ෂ්රෙයස් අයියර් ලකුණු 31 ක් හා හා ශර්දුල් තාකුර් ලකුණු 24 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 59 කට කඩුලු 5 ක් දවා ගත් අතර, නන්ඩ්‍රි බර්ගර් ලකුණු 50 කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...