මහෙදි, ශොරිෆුල් හා ලිටොන්ගේ දක්ෂතා හමුවේ පළමු T20 තරගයෙන් නවසීලන්තය පරදයි

Date:

ශොරිෆුල් ඉස්ලාම්ගේ හා මහෙදි හසාන්ගේ අනර්ඝ පන්දු යැවීම මෙන්ම ආරම්භක පිතිකරු ලිටොන් දාස්ගේ නොදැවුණු ඉනිම හමුවේ නවසීලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින් තරග තුනකින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(27) සමත් වුණා.

නේපියර් හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 135 ක ඉලක්කයක් බංග්ලාදේශයට හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 18.4 ක් අවසානයේ කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලිටොන් දාස් නොදැවී ලකුණු 42 ක් රැස් කළේ පන්දු 36 කින් හයේ පහරක් හා හතරේ පහර දෙකක් සමගින්. සෞම්‍ය සාකාර් ලකුණු 22යි. නායක නජ්මුල් හොසේන් ශන්තෝ, තව්හිද් හ්රිදෝයි හා මහෙදි හසාන් (නොදැවී) ලකුණු 19 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටිම් සවුති, ඇඩම් මිල්න්, ජේම්ස් නීෂම්, බෙන් සියර්ස් හා මිචෙල් සැන්ට්නර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළ ලකුණු 134 ක් ලබා ගත්තේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

ඔවුන්ගේ පළමු කඩුලු තුන බිද වැටුණේ පන්දුවාර 1.3 ක් තුළ මුළු ලකුණු පුවරුව ලකුණු 1 ක් ලෙස සටහන්ව තිබියදීයි. ටිම් සෙයිෆර්ට් ලකුණු නොලබාත්, ෆින් ඇලන් එක් ලකුණකටත්, ග්ලේන් පිලිප්ස් පළමු පන්දුවෙනුත් දැවී ගියා.

සෙයිෆර්ට්ගේ කඩුල්ල මහෙදි හසාන් විසින් ද, සෙසු කඩුලු දෙක ශොරිෆුල් ඉස්ලාම් විසින් ද දවා ගත්තා. (දර්ශන පහතින්)

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජේම්ස් නීෂම්. ඔහු පන්දු 29 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 4ක් සමගින් ලකුණු 48 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 23 යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මහෙදි හසාන් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...