ශෆික්-මසූඩ් සම්බන්ධයෙන් පසු කමින්ස් තරගයේ පාලනය යළි ඔස්ට්‍රේලියාව වෙත හිමි කර දෙයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(27) නිමා වුණේ තරගයේ වැඩි පාලනය ඔස්ට්‍රේලියාව වෙත හිමි කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 318 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 124 ක් පිටුපසින් පසුවනවා.

පාකිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 34 කට සීමා කරමින් ඉමාම් උල් හක් ලකුණු 10කට දැවී ගිය අතර, අනතුරුව ඔස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අබ්දුල්ලා ශෆික් හා නායක ශාන් මසූඩ් ලකුණු 90 (118) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

අබ්දුල්ලා ලකුණු 62 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. පැට් කමින්ස් යොමු කළ පන්දුවක් හමුවේ ඔහු විසින්ම රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේ අබ්දුල්ලා ශෆික් දැවී ගියා. අනතුරුව බාබර් අසාම් ද එක් ලකුණකට කමින්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ එතෙක් පාකිස්තානය සතුව තිබූ තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව දෙසට නතු කරමින්.

ශාන් මසූඩ් දැවී ගියේ ලකුණු 54 ක් ලබා සිටියදීයි. සවුද් ශකීල් ලකුණු 9කටත්, ආගා සල්මන් ලකුණු 5කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නේදන් ලයන් ලකුණු 48කට කඩුලු 2ක් දවා ගත්තා. ජොෂ් හේසල්වුඩ් එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 29 ක් ලබා දෙමින්.

මෙල්බර්න් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව අද දිනයට තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 187 ක් ලබා සිටි අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 318 කට සීමා වුණේ පන්දුවාර 96.5 ක් අවසානයේ දී යි.

මර්නස් ලබුෂේන් ලකුණු 63ක්, උස්මාන් කවාජා ලකුණු 42 ක්, මිචෙල් මාෂ් ලකුණු 41 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 38 ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ආමර් ජමාල් ලකුණු 64 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි, මිර් හම්සා හා හසන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...