පළමු දිනයට වැස්සෙන් බාධා – ඔස්ට්‍රේලියාව 187/3

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(26) බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස මෙල්බර්න් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ දී ක්‍රියාත්මක වූයේ පන්දුවාර 66 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187 ක්. ආරම්භක කඩුල්ල සදහා ඩේවිඩ් වෝනර් හා උස්මාන් කවාජා අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 90 ක්.

වෝනර් ලකුණු 38 කට දැවී ගිය අතර, කවාජා ලකුණු 42 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් දැවී ගියේ ලකුණු 26 ක් ලබා සිටියදීයි.

මර්නස් ලබුෂේන් නොදැවී ලකුණු 44 ක් හා ට්‍රැවිස් හෙඩ් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී හසන් අලී, ආමර් ජමාල් හා ආගා සල්මාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 360 ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...