ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දීය කාන්තා පිලට ඓතිහාසික ටෙස්ට් ජයක්

Date:

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහිව තමන් ලැබූ පළමු කාන්තා ටෙස්ට් ජය වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී අද දිනයේ දී ලබා ගත්තේ ලකුණු 261 ක් පමණයි.

Tahlia McGrath ලකුණු 73 කට දැවී ගිය අතර, Ellyse Perry ලකුණු 45 යි. පන්දු යැවීමේ දී Sneh Rana ලකුණු 63 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

අනතුරුව ලකුණු 75 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා පිල කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Smriti Mandhana නොදැවී ලකුණු 38 යි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 219 ක් රැස් කළා. Tahlia McGrath ලකුණු 50 යි. පන්දු යැවීමේ දී Pooja Vastrakar ලකුණු 53 කට කඩුලු 4 ක් හා Sneh Rana ලකුණු 56 කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 406 ක්. Deepti Sharma ලකුණු 78 ක්, Smriti Mandhana ලකුණු 74 ක් හා Jemimah Rodrigues ලකුණු 73 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 100 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

මෙම තරගයට පෙර දෙරට අතර කාන්තා ටෙස්ට් තරග 10 ක් පවත්වා තිබූ අතර, ඉන් තරග හතරක් ඔස්ට්‍රේලියාව ජය ගෙන තිබුණා. තරග හයක් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...