ඉන්දීය සංචිතවලට වෙනස්කම් කිහිපයක්

Date:

ආබාධයකට ලක් වූ රුටුරාජ් ගයික්වඩ් වෙනුවට අභිමන්යු ඒස්වරන් දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය ටෙස්ට් සංචිතයට ආදේශ කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සිදු වූ ඇගිල්ලක ආබාධයක් හේතුවෙනුයි ගයික්වඩ්ට තෙවැනි එක්දින තරගය මෙන්ම ටෙස්ට් තරගාවලිය ද අහිමි වුණේ.

වෛද්‍ය පරීක්ෂණවලට ඔහුව ලක් කිරීමෙන් පසුව ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත ඔහුව පිටත් කර හැරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, එළඹෙන 26 වැනිදා දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත සිව්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය A සංචිතයේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට අහිමි වී තිබෙනවා.

පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට එම තරගය අහිමි වී ඇත්තේ.

කුල්දීප් යාදව් ද එම සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර, සර්ෆරාස් ඛාන්, රින්කු සිං, රාජත් පටිදර් හා අවේශ් ඛාන් ඉන්දීය A සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

India A’s updated squad for four-day match against SA A:

Abhimanyu Easwaran (C), Sai Sudharsan, Rajat Patidar, Sarfaraz Khan, Tilak Varma, Dhruv Jurel (wk), Axar Patel, Washington Sundar, Avesh Khan, Navdeep Saini, Akash Deep, Vidhwath Kaverappa, Manav Suthar, Rinku Singh

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...