නෝමන් අලීට ශල්‍යකර්මයක් ; ටෙස්ට් තරගාවලියෙන්ම ඉවතට

Date:

පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලීට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට මොහමඩ් නවාස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව මොහමඩ් නවාස් කඩිනමින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

දැඩි උදර වේදනාවක් ඇති වීමෙන් පසුව නෝමන් අලී මුහුණ දුන් වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු උග්‍ර ඇපෙන්ඩිසයිටිස් රෝගයෙන් පෙළෙන බවයි.

ඒ අනුව ඔහු සිකුරාදා රාත්‍රී කාලයේ දී රෝහල්ගතව සිට ඇති බව සදහන්. ඔහු සාර්ථක ශල්‍යකර්මයකට ද මුහුණ දී තිබෙනවා.

මේ වන විට පාකිස්තාන ටෙස්ට් සංචිතයේ රැදී සිටින එකම දග පන්දු යවන ක්‍රීඩකයා වන්නේ සජීඩ් ඛාන්. ප්‍රධාන දග පන්දු යවන්නා වන අබ්‍රාර් අහ්මඩ්ට ආබාධයක් සිදු වීම හේතුවෙනුයි සජීඩ් ඛාන් ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...