විලියම්සන් හා ජමීසන් විස්සයි විස්සෙන් ඉවත් කරයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතව ඇති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට ඇතුළත්ව සිටි නායක කේන් විලියම්සන් හා වේග පන්දු යවන ක්‍රීඩක ක්යල් ජමීසන් එම තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව මෙම 20යි 20 තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මිචෙල් සැන්ට්නර් වෙත පැවරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

විලියම්සන් හා ජමීසන් වෙනුවට රචින් රවීන්ද්‍ර හා ජෙකොබ් ඩෆී සංචිතයට ආදේශ කිරීමට කටයුතු කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් අනුව හා නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන තරග කාලසටහන සැලකිල්ලට ගනිමින් විලියම්සන් හා ජමීසන් දෙදෙනා 20යි 20 තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

නවසීලන්ත-බංග්ලාදේශ තරග තුනකින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

විලියම්සන් වසරකටත් වැඩි කාලයකට පසුවයි එම තරගාවලියේ දී යළි 20යි 20 ජාත්‍යන්තර තරග බිමට පිවිසීමට නියමිතව සිටියේ.

New Zealand T20I squad against Bangladesh:

Mitchell Santner (c), Finn Allen, Mark Chapman, Jacob Duffy, Adam Milne, Daryl Mitchell, James Neesham, Glenn Phillips, Rachin Ravindra, Ben Sears, Tim Seifert, Ish Sodhi, Tim Southee

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...