නවසීලන්තය 98කට දවා ගනිමින් බංග්ලාදේශයට සුපිරි ජයක්

Date:

වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ නවසීලන්ත කණ්ඩායම ලකුණු 98කට දවා ගනිමින් තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9ක අනර්ඝ ජයග්‍රහණයක් වාර්තා කිරීමට  සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය වාර්තා කළේ නවසීලන්ත කණ්ඩායමයි.

නේපියර්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට දුන් නවසීලන්ත පිලේ සියලු දෙනා ලකුණු 98කට දැවී ගියේ පන්දුවාර 31.4 ක් අවසානයේදීයි.

එය නවසිලන්ත කණ්ඩායම බංගලාදේශයට එරෙහිව එක්දින ඉතිහාසයේදී වාර්තා කළ අවම ලකුණු සංඛ්‍යාවයි.

පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම්, තන්සිම් හසාන් හා සෞම්‍ය සාකාර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 15.1ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නජ්මුල් හොසේන් ශන්තෝ නොදැවී ලකුණු 51ක් රැස් කළ අතර, අනමුල් හක් ලකුණු 37කට දැවී ගියා.

බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී එක්දින තරග ජයග්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...