හදිසි තත්ත්වයක් මත කෝලි යළි ඉන්දියාවට ; ගයික්වඩ්ට ටෙස්ට් තරගාවලියම අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට අහිමි වී තිබෙනවා.

එමෙන්ම සුපිරි පිතිකරු විරාත් කෝලිට ද මේ වන විට ප්‍රෙටොරියා හී දී පැවැත්වෙන තෙදින සංචිත අභ්‍යන්තර පුහුණු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ හදිසියේ ඔහුට යළි සිය රට බලා පිටත්ව යාමට සිදුව ඇති බැවින්.

රුටුරාජ් ගයික්වඩ්ගේ ඇගිල්ලක සිදුව තිබූ ආබාධයක් මෙතෙක් සුව වී නොමැති බැවින් ඔහුට ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.

ඒ අනුව ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමටයි කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, පසුගිය දිනක ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගිය විරාත් කෝලිට පවුලේ හදිසි තත්ත්වයක් නිසා යළි ඉන්දියාව බලා පැමිණීමට සිදුව තිබූ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එම හදිසි තත්ත්වය කුමක්දැයි මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැහැ.

කෙසේ වෙතත්. එළඹෙන 26 වැනිදා සෙන්චූරියන්හී දී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර ඔහු සංචිතය සමග එක් වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව මීට දින තුනකට පමණ පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය ඇතිව මුම්බායි බලා පිටත්ව ගොස් ඇති කෝලි සිකුරාදා (22) දිනයේ දී බොහෝ විට කණ්ඩායම සමග එක් වනු ඇති.

26 හැවිරිදි ගයික්වඩ් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී ඇගිල්ලක ආබාධයකට මුහුණ දුන්නේ පන්දු රකිමින් සිටියදීයි. ඒ හේතුවෙන් ඔහුට දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහුට ටෙස්ට් තරගාවලියේ කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන බවට අනාවරණය වීමත් සමගයි ගයික්වඩ් සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඔහු සෙනසුරාදා දිනයේ දී යළි ඉන්දියාව වෙත පැමිණීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...