ටෝනිගේ මංගල ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා දකුණු අප්‍රිකාවට කඩුලු අටක ජයක් ගෙනෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට දකණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

Gqeberha හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 212 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 42.3 ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සිය මංගල එක්දින ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු Tony de Zorzi ලකුණු 119 ක් නොදැවී රැස් කළේ පන්දු 122 කින්. හයේ පහර 6ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහු සමග ඉනිම ආරම්භ කළ රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 52 ක් ලබා ගත් අතර, රසී වැන් ඩර් ඩසන් ලකුණු 36යි.

දැවී ගිය කඩුලු දෙක බිද හෙලුවේ අර්ෂ්දීප් සිං හා රින්කු සිං විසින්.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 46.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211 ක් පමණයි.

සායි සුදර්සන් ලකුණු 62 ක් හා නායක කේ එල් රාහුල් ලකුණු 56 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නන්ඩ්‍රි බර්ගර් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත් අතර, බෙයුරන් හෙන්ඩ්‍රික්ස් හා කේෂාව් මහරාජ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...