සෝල්ට් පිට පිට ගහපු දෙවැනි ශතකය එංගලන්තය 2-2 ක් ලෙස සම තැනට ගෙන යයි

Date:

පිල් සෝල්ට් පිට පිට රැස් කළ දෙවැනි ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති සිව්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 75 ක ජයක් වාර්තා කරමින් 20යි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(20) අලුයම සමත් වුණා.

ට්‍රිනිඩෑඩ් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 නිමා කළා.

ආරම්භක පිතිකරු පිල් සෝල්ට් පන්දු 57 කින් ලකුණු 119 ක් ලබා ගත්තේ හයේ පහර 10 ක් හා හතරේ පහර 7 ක් ද සමගින්. එය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී එංගලන්ත පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

නායක ජොස් බට්ලර් ලකුණු 55(29) ක් හා ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 21 කින් නොදැවී ලකුණු 54 ක් රැස් කරමින් එංගලන්ත ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ලිවින්ග්ස්ටන්ගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 15.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.

අන්ඩ්‍රි රසල් පන්දු 25 කින් ලකුණු 51 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්. නිකලස් පූරාන් ලකුණු 39(15) යි. ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 15 කින් ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රීස් ටොප්ලි ලකුණු 37 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සෑම් කරන් හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී හයේ පහර 33 ක් වාර්තා වූ අතර, එය 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ තෙවැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...