සාකාර්ගේ 169 අපගේ යයි – නවසීලන්තයට කඩුලු හතක ජයක්

Date:

සෞම්‍ය සාකාර්ගේ විශිෂ්ඨ ශතකය අපතේ යවමින් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.

නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 291 ක් රැස් කළා.

සාකාර් පන්දු 151 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 169 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 22 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 45 යි. පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් Jacob Duffy හා William O’Rourke කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 22 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

හෙන්රි නිකල්ස් ලකුණු 95(99) ක් හා විල් යන්ග් ලකුණු 89(94) ක් රැස් කළා. රචින් රවීන්ද්‍ර ලකුණු 45 යි. ටොම් ලේතම් නොදැවී ලකුණු 34 ක් හා ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 24 ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී හසන් මහ්මුද් ලකුණු 57 කට කඩුලු දෙකක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 49 කට කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...