2024 IPL වෙන්දේසියේ දී ඉහළම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා

Date:

ඩුබායි හී දී පැවැති 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද රාත්‍රියේ අවසන් වුණා.

පැය අටකට ආසන්න කාලයක් පුරා පැවැති වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 72 දෙනෙකු අලෙවි වූ අතර, ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ද ඇතුළත්.

ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් සියලු කණ්ඩායම් විසින් වෙන්දේසියේ දී වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 230 ක්.

චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස්, ගුජරාට් ටයිටන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, මුම්බායි ඉන්දියන්ස්, පංජාබ් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා සන්රයිසස් හයිරදාබාද් යන කණ්ඩායම් විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු සහිතව ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුතුව සිය සංචිත සකස් කර ගත්තා.

සමස්ථ ක්‍රීඩකයින් 25 දෙනෙකු මේ වන විට සංචිතවල නොමැති කණ්ඩායම් වන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් (ක්‍රීඩකයින් 23) හා රාජස්ථාන් රෝයල්ස් (ක්‍රීඩකයින් 22) යන කණ්ඩායම් පමණයි.

කෙසේ වෙතත්, එම සංචිතවල ද විදෙස් ක්‍රීඩකයින් 8 දෙනෙකු බැගින් රැදී සිටිනවා.

මෙවර වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 10 දෙනා –

  1. මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස්)
  2. පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.50 (සන්රයිසස් හයිදරාබාද්)
  3. ඩැරල් මිචෙල් – ඉන්දීය රුපියල් කෝටි 14 (චෙන්නායි සුපර් කිංග්ස්)
  4. හර්ෂාල් පටෙල් – ඉන්දීය රුපියල් කෝටි 11.75 (පංජාබ් කිංග්ස්)
  5. අල්සාරි ජෝසප් – ඉන්දීය රුපියල් කෝටි 11.50 (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්)
  6. ස්පෙන්සර් ජොන්සන් – ඉන්දීය රුපියල් කෝටි 10 (ගුජරාට් ටයිටන්ස්)
  7. සමීර් රිස්වි – ඉන්දීය රුපියල් කෝටි 8.40 (චෙන්නායි සුපර් කිංග්ස්)
  8. රයිලි රොසෝව් – ඉන්දීය රුපියල් කෝටි 8 (පංජාබ් කිංග්ස්)
  9. ශාරුක් ඛාන් – ඉන්දීය රුපියල් කෝටි 7.40 (ගුජරාට් ටයිටන්ස්)
  10. රොව්මන් පවෙල් – ඉන්දීය රුපියල් කෝටි 7.40 (රාජස්ථාන් රෝයල්ස්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...