2024 IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද(19) ඩුබායි හී දී පැවැත්වුණා.

එහිදී ක්‍රීඩකයින් 72 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් පියවර ගත් අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.

වෙන්දේසිය සදහා පළමුවෙන්ම ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ වනිදු හසරංග. ඔහුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකටයි. මීට පෙර ඔහු නියෝජනය කළේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ද වෙන්දේසියේ දී මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කිරීම විශේෂත්වයක්. ඒ, ඉන්දීය රුපියල් කෝටි 4.80 ක මුදලකටයි.

කෙසේ වෙතත්, වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු කුසල් මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින්ව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ. චමීර අවස්ථා දෙකකදී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණා.

වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත්ව සිටි දසුන් ශානක, ලහිරු කුමාර, චරිත් අසලංක යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරුණේ ද නැහැ.

වෙන්දේසියට පෙරම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කර තිබුණා.

ඒ අනුව 2024 අයි.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කරන සමස්ත ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 5 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...