වනිදු හසරංග IPL වෙන්දේසියේ දී අලෙවි වූ මිල මෙන්න

Date:

මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙන 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග මිලදී ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් සමත් වුණා.

ඔහුව එම කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 මුදලකටයි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.8 කට ආසන්න වටිනාකමක් වනවා.

වනිදු මෙවර වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ද ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මූලික වටිනාකමක් යටතේයි.

ඔහු මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නමුත්, මෙවර වෙන්දේසියට පෙර එම කණ්ඩායම විසින් වනිදුව සිය සංචිතයෙන් නිදහස් කිරීමටයි තීරණය කළේ.

2021 වසරේ දී අයි.පී.එල් වරම් දිනා ගත් වනිදු මේ දක්වා අයි.පී.එල් තරග 26 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 35 ක් දවා ගැනීමට සමත් වුණා.

මෙරට වේලාවෙන් පස්වරු එකට ආරම්භ වූ වෙන්දේසිය නැරඹීම සදහා මෙවර පළමු වරට ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයක්.

ක්‍රීඩකයින් 330කට වැඩි පිරිසක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා. වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 120 කට ආසන්නයි.

වනිදුට අමතරව වෙන්දේසිය සදහා තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...