කමින්ස් වාර්තාගත කෝටි 80 ක මිලකට අලෙවි වෙයි

Date:

Also Read : කමින්ස් අභිබවා මිචෙල් ස්ටක් IPL වෙන්දේසි ඉතිහාසය වෙනස් කරයි

2023 එක්දින ලෝක ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අද(19) අලෙවි වුණා. (කෙසේ වෙතත්, ඉන් පැය දෙකක් ගත වීමටත් පෙර ඔස්ට්‍රේලියාවේම මිචෙල් ස්ටක් විසින් එම වාර්තාව බිද දැමුවේ ඔහුව ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගැනීමත් සමගයි)

කමින්ස් වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් යටතේයි.

කෙසේ වෙතත්, කණ්ඩායම් කිහිපයක් අතර පැවැති උණුසුම් සටනකින් පසුව ඔහුව ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසිනුයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 80.5 ක පමණ වටිනාකමක් වනවා.

මීට පෙර අයි.පී.එල් වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාමක වූයේ ඉන්දීය රුපියල් කෝටි 18.50 ක්.

2023 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී එම වටිනාකමට පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ එංගලන්තයේ සෑම් කරන්.

ඒ අනුව අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු ඉන්දීය රුපියල් කෝටි 20 කට වැඩි වටිනාකමකට අලෙවි වූ පළමු අවස්ථාව බවට ද අද දිනය ඉතිහාසගත වුණා.

අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයින් – (ස්ටක් අලෙවි වීමෙන් පසුව මෙම ලැයිස්තුව යාවත්කාලීන කර ඇත)

  1. මිචෙල් ස්ටක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස්)
  2. පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිදරාබාද් – 2024)
  3. සෑම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 18.5 (පංජාබ් කිංග්ස් – 2023)
  4. කැමරන් ග්‍රීන් – ඉන්දීය රුපියල් කෝටි 17.5 (මුම්බායි ඉන්දියන්ස් – 2023)
  5. බෙන් ස්ටොක්ස් – ඉන්දීය රුපියල් කෝටි 16.25 (චෙන්නායි සුපර් කිංග්ස් – 2023)
  6. ක්‍රිස් මොරිස් –  ඉන්දීය රුපියල් කෝටි 16.25 (රාජස්ථාන් රෝයල්ස් – 2021)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...