IPL වෙන්දේසියේ පළමු වටයේ දී අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායි හී දී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු එකට ආරම්භ වූ වෙන්දේසිය නැරඹීම සදහා මෙවර පළමු වරට ප්‍රේක්ෂකයින්ට ද අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයක්.

මේ වන විට වෙන්දේසියේ පළමු වටයේ කටයුතු අවසන් වී තිබෙනවා.

වෙන්දේසිය සදහා පළමුව ඉදිරිපත් කෙරුණේ කොදෙව් ක්‍රීඩක රොව්මන් පවෙල්. ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 7.4 මුදලකට මිලදී ගත්තා. ඒ, ඔහු ඉන්දීය රුපියල් කෝටියක මූලික වටිනාකමකට වෙන්දේසියට ඉදිරිපත්ව සිටි පසුබිමකයි. වැඩිම මිලකට මේ දක්වා අලෙවි වූයේ ද ඔහුයි.

ක්‍රීඩකයින් 330කට වැඩි පිරිසක් වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 120 කට ආසන්නයි. වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පළමු වටයේ දී අලෙවි වූ හා අලෙවි නොවූ ක්‍රීඩක ලැයිස්තුව –

  1. රොව්මන් පවෙල් (WI) – ඉන්දීය රුපියල් කෝටි 7.4 (රාජස්ථාන් රෝයල්ස්)
  2. හැරී බෘෘක් (ENG) – ඉන්දීය රුපියල් කෝටි 4 (දිල්ලි කැපිටල්ස්)
  3. ට්‍රැවිස් හෙඩ් (AUS) – ඉන්දීය රුපියල් කෝටි 6.8 (සන්රයිසස් හයිදරාබාද්)
  4. කරුන් නෙයාර් (IND) – අලෙවි වූයේ නැහැ
  5. මනීෂ් පාන්ඩේ (IND) – අලෙවි වූයේ නැහැ
  6. රයිලී රොසෝව් (SA) – අලෙවි වූයේ නැහැ
  7. ස්ටීව් ස්මිත් (AUS) – අලෙවි වූයේ නැහැ

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...