IPL ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර දී ඇත්තේ මෙහෙමයි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (19) ඩුබායි හී දී පස්වරු එකට ආරම්භ වනවා.

එළඹෙන තරග වාරයට විදෙස් ක්‍රීඩකයින්ව ඔවුන්ගේ ක්‍රිකට් ආයතන විසින් නිදහස් කිරීමට නියමිතව ඇති ආකාරය පිළිබද වෙන්දේසියට පෙර අයි.පී.එල් සංවිධායකයින් විසින් කණ්ඩායම් 10 වෙත දැනුම් දී තිබෙනවා.

වෙන්දේසියේ දී ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් යම් කණ්ඩායමක් විසින් මිලදී ගතහොත් ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ මැයි මාසයේ පළමු සතියේ සිට පමණක් බව සදහන්. ඒ, ඔහු හා ඔහුගේ බිරිද ඔවුන්ගේ පළමු දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඔහුව එම කණ්ඩායම විසින් සංචිතයෙන් නිදහස් කළ අතර, ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් හිමිවන කාණ්ඩය යටතේයි හේසල්වුඩ් වෙන්දේසියට ඉදිරිපත් වන්නේ.

සෙසු සියලු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට සම්පූර්ණ IPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එරට ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර, එංගලන්ත 19 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් වෙන්දේසියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඔහු ලබන වසර මුලදී තරග පහකින් යුත් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්ත සංචිතය සමග ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇති අතර, දීර්ඝ කාලයක් ඔහු සිය රටින් පිටත රැදී සිටීම වළක්වා ගැනීමට එංගලන්ත ක්‍රිකට් ආයතනයට අවශ්‍ය වී තිබීම ඔහු වෙන්දේසියෙන් ඉවත් වීමට හේතු වී ඇති බව සදහන්.

මේ අතර, IPL 2024 තරග වාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සීමිත පන්දුවාර තරග පමණක් ක්‍රීඩා කරන ප්‍රධාන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාව පවතින බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනු මතීෂ පතිරණ (CSK), මහීෂ් තීක්ෂණ (CSK) වැනි ක්‍රීඩකයින්ට මෙන්ම බැංගලෝර් කණ්ඩායමෙන් නිදහස් කළ වනිදු හසරංග මෙන්ම දුෂ්මන්ත චමීර වැනි ක්‍රීඩකයින්ට ද ගැටලුවකින් තොරව සම්පූර්ණ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියක් ද අයි.පීඑල් තරගාවලිය අතරතුර දී පැවැත්වීමට නියමිත නමුත්, එම ක්‍රීඩකයින් සිව්දෙනා අදාළ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති.

වෙන්දේසියේ දී මිලදී ගනු ලබන සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළහොත් එම ක්‍රීඩකයින්ට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ අප්‍රේල් 3 වැනිදා අවසන් වන ටෙස්ට් තරගාවලියෙන් පසුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...