Watch : හර්මන්ප්‍රීට්ගේ අවාසනාවන්ත දුවද්දී දැවී යාම

Date:

ඉන්දීය කාන්තා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දියාව දිනය නිමා වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 410 ක් ලබා සිටියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 4ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව Satheesh Shubha ලකුණු 69 ක්, Jemimah Rodrigues ලකුණු 68 ක් හා Yastika Bhatia ලකුණු 66 ක් රැස් කළා. Deepti Sharma නොදැවී ලකුණු 60 යි.

නායිකා Harmanpreet Kaur අර්ධ ශතකය අභියස ලකුණු 49 කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම අද දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

ඇය විසින් ලකුණක් රැස් කිරීමට සූදානමින් තණතීරුවේ පියවර කිහිපයක් ඉදිරියට යාමෙන් පසුව යළි පිතිකරණ අන්තය වෙත දිව ගියේ පන්දු යවන අන්තයේ රැදී සිටි පිතිකාරිණිය එම ලකුණ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඉන්දීය නායිකාවට එම අවස්ථාවේ දී පහසුවෙන් පිතිකරණ අන්තයේ සීමාව ලකුණු කිරීමට අවස්ථාව පැවැති නමුත්, ඇයගේ පිත්ත තණතීරුවේ ඝර්ෂනය වීමත් සමග එය මොහොතකට එක් ස්ථානයක නතර වීමත් සමග ඇයට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමට සිදු වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...