වෝනර්ගේ 164 හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට

Date:

සිය අවසන් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දීමට ඩේවිඩ් වෝනර් අද(14) සමත් වුණා.

පර්ත් හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඔස්ට්‍රේලියාව පළමු දිනය නිමා වන විට කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 346 ක්.

සුපුරුදු පරිදි ඉනිම ආරම්භ කළ වෝනර් පන්දු 211 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින් ලකුණු 164 ක් ලබා ගත්තා.

වෝනර් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ ලබා ගත් 26 වැනි ශතකයයි.

ඔහු සමග ඉනිම ඇරඹූ උස්මාන් කවාජා ලකුණු 41 කට දැවී ගිය අතර, මර්නස් ලබුෂේන් ලකුණු 16කටත්, ස්ටීව් ස්මිත් ලකුණු 31 කටත් දැවී ගියා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 40යි.

මිචෙල් මාෂ් නොදැවී ලකුණු 15 ක් හා ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ආමර් ජමාල් කඩුලු 2 ක් ද, කුරාම් ශහ්සාඩ් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

ඊට අමතරව ශහීන් ශාහ් අෆ්රිඩි මෙන්ම ෆහීම් අශ්රෆ් ද කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...