නව තේරීම් කමිටුව ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත් කළ නව ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිල වශයෙන් නිවේදනය කළා.

මෙම පංච පුද්ගල තේරීම් කමිටුව වසර දෙකක කාලයක් සදහා බලපැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

හිටපු ක්‍රිකට් නායක උපුල් තරංග මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොජනා කළ නම් කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුවයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම තේරීම් කමිටුව පත් කර ඇත්තේ.

නව තේරීම් කමිටුව –

  1. උපුල් තරංග (සභාපති)
  2. අජන්ත මෙන්ඩිස්
  3. දිල්රුවන් පෙරේරා
  4. තරංග පරණවිතාන
  5. ඉන්දික ද සේරම්

නව තේරීම් කමිටුවේ පළමු වගකීම බවට පත්වන්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා සංචිත තෝරා ගැනීමයි.

එම සංචාරය සදහා එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත්.

මීට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...