සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව නිල වශයෙන් පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මේ වන විට නිල වශයෙන් පත් කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර ද අමාත්‍යරවයා විසින් සදහන් කළ පරිදි හිටපු ක්‍රිකට් නායක උපුල් තරංග මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ නම් 10 න් නම් 7 ක් සදහා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අද රැස් වූ අවස්ථාවේ දී අනුමැතිය ලබා දී ඇති බව සදහන්.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පහත සදහන් සාමාජිකයින් 5 දෙනා තේරීම් කමිටුවට පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

  1. උපුල් තරංග (සභාපති)
  2. අජන්ත මෙන්ඩිස්
  3. දිල්රුවන් පෙරේරා
  4. තරංග පරණවිතාන
  5. ඉන්දික ද සේරම්

මීට පෙර තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...