යොවුන් ලෝක කුසලානයේ නව තරග කාලසටහන හා පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

2024 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නව තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(11) නිවේදනය කළා.

මීට පෙර තරගාවලිය ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 4 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් තරගාවලිය ජනවාරි 19 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා එරට ක්‍රීඩාංගන පහකදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

පළමු දිනයේ දී අයර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදයත්, සත්කාරක දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් තරග වැදීමට නියමිතයි.

15 වැනි වරටත් පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 41 ක් ඇතුළත්. ක්‍රීඩා කරන රටවල් ප්‍රමාණය 16 ක්.

මීට පෙර නිවේදනය කළ පරිදිම ඉන්දියාව, බංග්ලාදේශය, අයර්ලන්තය හා ඇමෙරිකා එක්සත් ජනපදය A කාණ්ඩයට ද, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය B කාණ්ඩයට ද, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා නැමීබියාව C කාණ්ඩයට ද, ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, නවසීලන්තය හා නේපාලය D කාණ්ඩයට ද ඇතුළත්.

මූලික වටයේ තරගවලින් අනතුරුව සුපිරි 6 වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, අනතුරුව අවසන් පූර්ව වටයේ තරග පවත්වා අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන මැදිහත් වීම් සිදු වන බවට එල්ල වූ චෝදනාවත් සමග මෙරට ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අහෝසි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගත් අතර, ඒ හේතුවෙනුයි යොවුන් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුණේ.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි 21 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවත්, දෙවැනි තරගය ජනවාරි 24 වැනිදා නැමීබියාවට එරෙහිවත්, තෙවැනි තරගය ජනවාරි 28 වැනිදා ඔස්ට්‍රේලියාට එරෙහිවත් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ද අද නිවේදනය කෙරුණු අතර, පුහුණු තරග යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට හා ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.

යොවුන් ලෝක කුසලානයේ හා පුහුණු තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...