පළමු ටෙස්ට් තරගය අභියස පාකිස්තානයට ආබාධ ප්‍රශ්නයක් ; ආදේශක ක්‍රීඩකයෙකුත් නම් කෙරේ

Date:

පාකිස්තාන පාදග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ්ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්විමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අතරතුර දී මුහුණ දුන් දණහිසක ආබාධයක් හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඔහුට අවසන් ටෙස්ට් තරග දෙක ද ක්‍රීඩා කිරීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

ඔහු තවදුරටත් සංචිතය සමග රැදී සිටිමින් පර්ත් නුවර දී අවශ්‍ය වෛද්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අනතුරුව ඔහු පුනරුත්තාපන කටයුතුවල නිරත වීමට නියමිතව ඇති අතර, බොක්සිං දින ටෙස්ට් තරගයට පෙර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යළි තක්සේරු කිරීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් ටෙස්ට් තරග දෙකෙන් අබ්‍රාර් අහ්මඩ් මෙතෙක් නිල වශයෙන් ඉවත් කර නැතත්, සජිඩ් ඛාන් ටෙස්ට් සංචිතය සදහා කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

කැන්බරා හී දී Prime Minister’s XI කණ්ඩායම සමග පැවැති පුහුණු තරගයේ තෙවැනි දිනයේ දී අබ්‍රාර් අහ්මඩ් මෙලෙස ආබාධයකට ලක් වුණේ පන්දුවාර 27 ක් යොමු කිරීමෙන් පසුවයි.

අනතුරුව ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී ආබාධය පිළිබද වැඩිදුර තොරතුරු අනාරණය වී තිබුණා. ඒ අනුවයි ඔහුව පළමු ටෙස්ට් තරගයෙන් ඉවත් කෙරුණේ.

දග පන්දු යවන්නෙකු ලෙස නෝමන් අලී ද මේ වන විටත් පාකිස්තාන සංචිතය සමග රැදී සිටින අතර, දග පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩක අගා සල්මාන් ද සංචිතයේ රැදී සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන බ්‍රහස්පතින්දා පර්ත් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...