ඉන්දු-දකුණු අප්‍රිකා පළමු 20යි 20 තරගය වැස්සට සේදෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අත්හැර දැමීමට ඉරිදා(10) සිදු වුණා.

ඩර්බන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ එම තරගය අත්හැර දැමීමට සිදු වුණේ කාසියේ වාසිය උරගා බැලීමක් ද සිදු නොකරයි.

මෙම 20යි 20 තරගය අත්හැර දැමීමත් සමග කණ්ඩායම් දෙකටම ලබන වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් ක්‍රීඩා කිරීමට ඉතිරිව ඇත්තේ 20යි 20 තරග 5 බැගින් පමණයි.

මේ අතර, පළමු 20යි 20 තරගය අත්හැර දැමීමත් සමග ජෙරාල්ඩ් කොට්සී හා මාර්කෝ ජන්සෙන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් මේ වන විට මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ දෙවැනි 20යි 20 තරගය පමණයි.

අනතුරුව ඔවුන් දෙදෙනා ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් සංචිතයෙන් නිදහස් කිරීමට නියමිතයි.

ඒ අනුව තෙවැනි 20යි 20 තරගය සදහා දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන්නේ දෙවැනි පෙල පන්දු යැවීමේ බලඇණියක් සමගයි.

20යි 20 තරගාවලියේ දෙවැනි හා තෙවැනි 20යි 20 තරග පිළිවෙලින් අගහරුවාදා හා බ්‍රහස්පතින්දා Gqeberha හී දී හා ජොහැනස්බර්ග් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරග දෙක සදහා ද වර්ෂාවෙන් යම් බලපෑමක් එල්ල වීමේ අවධානමක් පවතින බවට කාළගුණ අනාවැකි අනුව පෙනීයනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...