Watch : චාමිකගේ සුපිරි පන්දු යැවීම හමුවේ දිල්ලිය 31 කට දැවී යයි

Date:

Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට New York Strikers කණ්ඩායමේ චාමික කරුණාරත්න අද(4) සමත් වුණා.

මෙම තරගයේ දී New York Strikers කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ Delhi Bulls කණ්ඩායම ලකුණු 31 කට දවා ගනිමින් ලකුණු 67 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ද Strikers කණ්ඩායම සමත් වීම කැපී පෙනුණා.

පළමුව පන්දුවට පහරදුන් Strikers පිල කඩුලු 4 ක් දැවී ලකුණු 98 ක් ලබා ගත්තේ රහ්මනුල්ලාහ් ගුර්බාස් නොදැවී රැස් කළ ලකුණු 49(24) න් ශක්තිමත් වෙමින්. කුසල් පෙරේරා ලකුණු දෙකකට දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Bulls කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 31 ක් පමණක් ලබා ගත්තේ පන්දුවාර 9.3 ක් අවසානයේ දී යි.

රවී බොපාරා ලකුණු 16 යි. පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 6කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

චාමික විසින් මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දුවාරයේ දීමයි ඔහු කඩුලු තුනම දවා ගත්තේ. පිට පිට කඩුලු 3 ක් දවා ගනිමින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ද ඔහුට අවස්ථාවක් උදා වූ නමුත්, ලද උඩ පන්දුවක් නිසි ලෙස රැක ගැනීමට සුනිල් නරේන්ට නොහැකි වූ බැවින් එම අවස්ථාව ගිලිහී ගියා.  (දර්ශන පහතින්)

චාමික කරුණාරත්න මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව ඇත්තේ ඉනිම් 4කදී කඩුලු 9ක් දවා ගනිමින්.

අකීල් හොසේන් ද මෙම තරගයේ දී කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 7ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...