Watch : නුවන් තුෂාර පිට පිට පන්දු දෙකකදී දවා ගත් සුපිරි කඩුලු දෙක

Date:

Abu Dhabi T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට Deccan Gladiators කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත් වුණා.

Chennai Braves කණ්ඩායම සමග පැවැති මෙම තරගයෙන් Gladiators කණ්ඩායම කඩුලු 10ක පහසු ජයක් ද වාර්තා කළා.

පළමුව පන්දුවට පහරදුන් Braves කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 83 ක් ලබා ගත්තා.

භානුක රාජපක්ෂ ලකුණු 12 කට දැවී ගිය අතර, නායක චරිත් අසලංක ලබා ගත්තේ ලකුණු 4ක් පමණයි. Stephen Eskinazi ලකුණු 25යි.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 26 කට කඩුලු 2 ක් දවා ගත්තා. අන්ඩ්‍රි රසල් ද කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 12 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Gladiators කණ්ඩායමට කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සදහා අවශ්‍ය වූයේ පන්දුවාර 6.1 ක් පමණයි.

ටොම් කොහ්ල-කැඩ්මෝර් නොදැවී ලකුණු 44(19) ක් හා නිකලස් පූරාන් නොදැවී ලකුණු 35(19) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මෙම තරගයේ දී නුවන් තුෂාර දවා ගත් කඩුලු දෙකම පිට පිට පන්දු දෙකකදී දවා ගැනීම කැපී පෙනුණා.

ඔහු මෙම තරගයේ දී යොමු කළ පළමු පන්දු දෙකේ දී එලෙස කඩුලු දෙකක් පිට පිට දවා ගත් අතර, ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ මොහමඩ් නබී හා වී අරවින්ද් යන පිතිකරුවන්.

ඒ අතරින් අරවින්ද් දවා ගැනීමට යොමු කළ සුපිරි යෝකර් පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එම කඩුලු දෙකෙහි දර්ශන ඇතුළත් වීඩියෝ කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...