හෝප්ගේ ශතකය කොදෙව්වන්ට කඩුලු හතරක ජයක් ගෙනෙයි

Date:

ෂේයි හෝප් නොදැවී වාර්තා කළ ශතකයෙක් ශක්තිමත් වෙමින් සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

Antiguaහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ නමුත්, කොදෙව්වන් ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 48.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ෂේයි හෝප් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 109 ක්. පන්දු 83 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

ආරම්භක පිතිකරු Alick Athanaze ලකුණු 66 ක් හා රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 28 කින් වේගවත් ලකුණු 48 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් ෂෙපර්ඩ්ගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 71 ක් ලබා ගත් හැරී බෘෘක්. සැක් ක්‍රව්ලි ලකුණු 48 ක් හා පිල් සෝට් ලකුණු 45 ක් ලබා ගත්තා. නායක ජොස් බට්ලර් ලබා ගත්තේ ලකුණු තුනක් පමණයි.

පන්දු යැවීමේ දී රොමාරියෝ ෂෙපර්ඩ්, ගුඩකේෂ් මොටියා හා ඔෂේන් තෝමස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...