තියුණු ජයක් සමග ඉන්දියාව තරග 4-1 ක් ලෙස තරගාවලිය දිනයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව ලකුණු හයක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

ෂ්රෙයස් අයියර් ලකුණු 53 ක් රැස් කළේ පන්දු 37 කින්. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් සමගින්. අක්සාර් පටෙල් ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී ජේසන් බෙහ්රෙන්ඩොෆ් හා Ben Dwarshuis කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි.

බෙන් මැක්ඩමට් පන්දු 36 කින් ලකුණු 54 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් සමගින්.

මුකේෂ් කුමාර් කඩුලු 3 ක් දවා ගත් අතර, රවී බිෂ්නෝයි කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...