ගයික්වඩ්ගේ 123* අපතේ යයි ; මැක්ස්වෙල්ගේ ශතකය ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක් ගෙනෙයි

Date:

රුටුරාජ් ගයික්වඩ්ගේ ශතකය අපතේ යවමින් ග්ලේන් මැක්ස්වෙල් වාර්තා කළ නොදැවුණු සුපිරි ශතකය හමුවේ ඉන්දියාව සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(28) සමත් වුණා.

ගුවහාටි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් රැස් කළේ ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් වාර්තා කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින්.

යශස්වි ජයිස්වාල් සමග ඉනිම ආරම්භ කළ ඔහු ලකුණු 123 ක් නොදැවී රැස් කළේ පන්දු 57 කට පමණක් මුහුණ දෙමින්. හයේ පහර 7 ක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක සූර්යකුමාර් යාදව් ලකුණු 39 ක් හා තිලක් වර්මා නොදැවී ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කේන් රිචර්ඩ්සන්, ජේසන් බෙහ්රෙන්ඩොර්ෆ් හා Aaron Hardie කඩුලු 3 බැගින් බිද හෙලුවා.

© Sportzpics

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු 5ක් දැවී සිටියදී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ලකුණු 35(18) කට දැවී ගියා. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 48 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 8 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. මැතිව් වේඩ් නොදැවී ලකුණු 28(16) යි.

තරගයේ අවසන් පන්දුවාර දෙකට ලකුණු 43 ක් ද, අවසන් පන්දුවාරයට ලකුණු 21 ක් ද තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය වූ පසුබිමකයි මැක්ස්වෙල් හා වේඩ් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණේ.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ඉන්දියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...