ඉසුරු – කෝලි ප්‍රමුඛ RCB ක්‍රීඩකයින් තරගයෙන් පසු විනෝද වුණ හැටි මෙන්න

Date:

සාමාන්‍යෙයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියකදී බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි ආදරය දිනා ගත් කණ්ඩායම වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් තරග වැදීමත්, සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එම කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් ඊට බලපෑ ප්‍රධාන හේතුවක්.

කෙසේ වෙතත්, මෙවර තරගාවලියේ දී බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවදානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙත ද හිමිව තිබෙනවා.

ඒ, තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන්.

පසුගියදා මුම්බායි පිලට එරෙහිව පැවැති තරගයේ දී අයි.පී.එල් වරම් හිමි කර ගත් ඉසුරු එහිදී කඩුලු 2ක් ද බිද හෙලීමට සමත් වුණා.

එම තරගයෙන් අනතුරුව බැංගලෝර් කණ්ඩායමට මේ වන විට දින කිහිපයක විවේක කාලයක් ලැබී ඇති අතර, ඒ අනුව සියලු ක්‍රීඩකයින් මේ වන විට විනෝදයෙන් කල් ගෙවන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ක්‍රීඩකයින් පිහිනුම් තටාකයක වොලිබෝල් ක්‍රීඩා කරන අයුරු එහි ඇතුළත්ව ඇති අතර, ඉසුරු උදාන ද පිහිනුම් තටාකයේ සිට ඊට එක්ව සිටින අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම ක්‍රීඩකයින් ගීත ගායනා කරමින් නර්තනයේ නිරත වෙමින් විනෝද වන අවස්ථාක් ද අදාළ වීඩියෝවට ඇතුළත්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...