IPL 2020 : රාජස්ථානය තෙවැනි තරගයත් දිනයි ද? – Preview

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ, කොල්කටා නයිර් රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායිහී දී ආරම්භ වනු ඇති.

රාජස්ථාන් කණ්ඩායම මේ වන විට තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියමින්.

අවසන් වරට අයි.පී.එල් තරගාවලියක පළමු තරග තුනම ජය ගැනීමට රාජස්ථාන් කණ්ඩායම සමත් වී තිබුණේ 2015 වසරේ දී යි.

මෙවර තරගාවලිය යටතේ ඔවුන් පසුගියදා ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් වාර්තාගත ජයක් ලැබුවේ අයි.පී.එල් තරගයකදී කණ්ඩායමක් තරගයක් හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොල්කටා කණ්ඩායම මේ වන විට රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

මෙතෙක් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින් ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගෙන සිටිනවා.

කොල්කටා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඔහුට මෙවර තරගාවලියේ දී මෙතෙක් කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

දෙවැනි තරගයේ දී ඔහු යවනු ලැබුවේ ද පන්දුවාර 2ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...