පාන්ඩ්යා ඓතිහාසික ගණුදෙනුවකින් යළි මුම්බායි සමග එක් වන ලකුණු

Date:

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා යළිත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්වීමට සූදානමින් සිටින බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 15 ක මුදලක් ඔහුගේ වැටුප ලෙස ගෙවමින් ඔහුව යළි සෘජුවම කණ්ඩායමට මිලදී ගැනීමටයි මුම්බායි කණ්ඩායම මේ වන විට උත්සාහ දරමින් සිටින්නේ.

එහිදී ටයිටන්ස් කණ්ඩායම වෙත ද මෙම මිලදී ගැනීම වෙනුවෙන් ගාස්තුවක් ගෙවනු ඇති(transfer fee). එම ගාස්තුවෙන් 50% ක මුදලක් ද පාන්ඩ්යාට හිමි වන බව සදහන්.

මෙම ගණුදෙනුව සිදු වුවහොත් එය අයි.පී.එල් ඉතිහාසයේ දී කණ්ඩායමක් විසින් ක්‍රීඩකයෙකු වෙනත් කණ්ඩායමකින් මිලදී ගත් ඉහළම වටිනාකම බවට පත් වනු ඇති.

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකෙන්ම මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

අදාළ ගණුදෙනුව සිදු කිරීමේ දී මුම්බායි කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් බවට පත් වන්නේ ඒ සදහා ප්‍රමාණවත් මුදලක් සොයා ගැනීමයි.

අවසන් ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව මුම්බායි කණ්ඩායම සතුව ඉතිරි වී තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 0.05 ක මුදලක් පමණයි.

එළඹෙන ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් සෑම කණ්ඩායමකටම ඉන්දීය රුපියල් කෝටි පහක අමතර මුදලක් ද හිමි වනවා.

ඒ අනුව පාන්ඩ්යා මිලදී ගැනීමට පෙර ක්‍රීඩකයෙකුව හෝ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සංචිතයෙන් නිදහස් කිරීමට මුම්බායි පිලට සිදු වනවා.

ක්‍රීඩකයින් සංචිතයෙන් නිදහස් කිරීම සදහා ලබා දී ඇති කාලය හෙට (26) පස්වරු 4ට අවසන් වනවා.

ටයිටන්ස් කණ්ඩායමේ පළමු අයි.පී.එල් අදියර වූ 2022 තරගාවලියේ දී හර්ඩික් පාන්ඩ්යාගේ නායකත්වය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අයි.පී.එල් ශූරයින් බවට පත් වූ අතර, 2023 තරගාවලියේ අනුශූරයින් බවට පත් වුණා.

පාන්ඩ්යා 2015 වසරේ දී මුම්බායි කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක මුදලකටයි.

ඒ අනුව 2015, 2017, 2019 හා 2020 වසරවලදී අයි.පී.එල් ශූරතාවය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...