LPL තරගාවලිය සහ වෙන්දේසිය යළි කල් දැමේ – අලුත් දිනය මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය යළි කල් දමා තිබෙනවා.

මීට පෙර තරගාවලිය ලබන නොවැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද , එය 21 වනදා දක්වා සතියකින් කල් දැමුණු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නිරෝධායන කාල සීමාවන්වලට යටත් වීමට විදෙස් ක්‍රීඩකයින් සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

විශේෂයෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

අයි.පී.එල් තරගාවලිය ලබන නොවැම්බර් 10 වනදා අවසන් වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, එල්.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය හෙට දිනයේ දී (1) පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ද ලබන 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...