රින්කුගේ අවසන් හයේ පහර හයේ පහරක් නොවූයේ ඇයි ?

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුපිරි ආරම්භයක් හිමි කර දෙමින් පළමු තරගයෙන් ඉන්දියාවට අවසන් පන්දුවේ දී (නීත්‍යානුකූල අවසන් පන්දුව නොවේ) කඩුලු දෙකක තියුණු ජයක් ඊයේ රාත්‍රියේ හිමි වුණා.

විසාකාපට්නම් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස් කළේ ජොෂ් ඉන්ග්ලිස්ගේ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඉන්ග්ලිස් ලකුණු 110 ක් රැස් කළේ පන්දු 50 කින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ස්ටීවන් ස්මිත් ලකුණු 52 යි. පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා හා රවී බිෂ්නෝයි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක සූර්යකුමාර් යාදව් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 42 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉෂාන් කිෂන් ලකුණු 58 යි. පන්දු යැවීමේ දී තන්වීර් සංගා ලකුණු 47 කට කඩුලු 2 ක් දවා ගත්තා. ඉන්දීය ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3ක් වාර්තා වීම ද කැපී පෙනුණා.

තරගය ජය ගැනීමට අවසන් පන්දුවට එක් ලකුණක් ලබා ගත යුතුව තිබූ අවස්ථාවක පන්දුවට පහර දෙමින් සිටි රින්කු සිං විසින් ශෝන් ඇබෝට් යොමු කළ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාවට ජයග්‍රහනය රැගෙන ඒමට සමත් වුණා.

කෙසේ වෙතත්, එම පන්දුව නිපන්දුවක් ලෙස (පන්දු යවන්නා සීමා ඉර පසු කරමින් යොමු කළ පන්දුවක් නිසා) පසුව විනිසුරුවන් විසින් සංඥා කරනු ලැබුවා.

ඒ අනුව අදාළ හයේ පහරේ වලංගුතාවය අහෝසි වී ගියේ එම පහර එල්ල කිරීමට පෙරම ඉන්දියාවට තරගයේ ජයග්‍රහනය හිමිව තිබීම හේතුවෙන්.

රින්කු සිං පන්දු 14 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 22 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...