බෙන් ස්ටොක්ස් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

සිය කාර්යය බහුල ක්‍රීඩා රටාව පාලනය කිරීමේ (workload management) හා ශාරිරික යෝග්‍යතාවය පාලනය කර ගැනීමේ අරමුණින් එම පියවර ගැනීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

බෙන් ස්ටොක්ස් ගත් මෙම තීරණයට තම කණ්ඩායම සහාය දක්වන බව සුපර් කිංග්ස් කණ්ඩායම නිවේදනය කර සිටියා.

මීට පෙර එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන සිටි නමුත්, ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔහු මෑතකදී යළි එක්දින පිටියට පිවිසුණා.

කෙසේ වෙතත්, නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහුට මෙන්ම එංගලන්ත කණ්ඩායමට ද සැලකිය යුතු දක්ෂතා දැක් වීමට හැකි වූයේ නැහැ.

ඔහු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දණහිසක ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව මීට පෙර සදහන් කර තිබුණා.

ශල්‍යකර්මයෙන් පසුව ඔහුගේ පුනරුත්තාපන කාලය පිළිබද සලකා බලා ඔහුට යළි ක්‍රිකට් පිටියට පිවිසිය හැකි කාලය එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කරනු ඇති.

2023 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් චෙන්නායි කණ්ඩායම ඔහුව මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16.25 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...