රෂීඩ් ඛාන්ට බිග් බෑෂ් අහිමි වෙයි

Date:

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙවර තරගාවලියේ දී ඔහු ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි නමුත්, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදුව ඇති ආබාධයක් හේතුවෙන් රෂීඩ් ඛාන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ඇඩිලේඩ් කණ්ඩායම නිවේදනය කළේ.

ආබාධය නිසා ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදුව ඇති බව සදහන්.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කරන ක්‍රීඩකයා මෙතෙක් නිවේදනය කර නැහැ.

2017 වසරේ දී බිග් බෑෂ් ලීග් වරම් හිමි කර ගත් රෂීඩ් ඛාන් මේ දක්වා බිග් බෑෂ් ලීග් තරග 69 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 98 ක්.

මීට පෙර මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්තයේ හැරී බෘෘක් ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට පසුගියදා පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...