චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවෙන් නවසීලන්තයට

Date:

නවසීලන්තයේ පැවැත්වෙන Super Smash කාන්තා තරගාවලියේ 2023-24 තරග වාරය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, මේ දිනවලදී ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී ඇය සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් සුවිශේෂි දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටින පසුබිමකයි.

මේ වන විට මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභිනිය වන්නේ ද ඇයයි.

ඉනිම් 12 කදී චමරි අතපත්තු ලකුණු 451 ක් රැස් කර සිටින අතර, ඉනිමක සාමාන්‍ය 45.10 ක් ලෙස හා ප්‍රහාරාත්මක වේගය 134.62 ක් ලෙස සටහන්ව තිබෙනවා.

Super Smash කාන්තා තරගාවලියේ 2023-24 අදියර යට‍තේ Northern Brave කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...