සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තහනම් කෙරේ

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජාත්‍යන්තර තරග සදහා නව ලිංගභේද සුදුසුකම් රෙගුලාසියක් අනුමත කර තිබෙනවා.

අගහරුවාදා (21) අහ්මදාබාද් හී දී නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී මෙම අනුමත කිරීම සිදු කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මෙම නව නීතියට අනුව පුරුෂයෙකුව සිට කාන්තාවක් බවට පත් වූ සංක්‍රාන්ති ලිංගිකයින්ට කාන්තා ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවසන් හිමි වන්නේ නැහැ.

ඒ අනුව සිදු කරන ඕනෑම ශල්‍යකර්මයකින් හෝ ප්‍රතිකාරයකින් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වීමකට ලක් වූවන්ට ද මින් ඉදිරියට කාන්තා ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව අයි.සී.සී ය සදහන් කළා.

මෙම වසර මුලදී Danielle McGahey නම් 29 හැවිරිදි ක්‍රීඩිකාව කැනඩා ජාතික කන්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, ඇය ඉතිහාසගත වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ සිට 2020 වසරේ දී කැනඩාවට පැමිණ 2021 වසරේ දී කාන්තාවක් බවට පත් වීම සදහා ප්‍රතිකාර ලබා ගෙන තිබූ ඇය මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 6 ක් ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, නව නීතියට අනුව Danielle McGahey ඉදිරියේ දී යළි ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබුණේ.

“රෙගුලාසි වසර දෙකක් ඇතුළත සමාලෝචනය කෙරේ” යනුවෙන් අයි.සී.සීය කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...