2023 ලෝක කුසලානයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් ලෝක වාර්තාවක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය නව නැරඹුම් වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ, අයි.සී.සී තරගාවලියක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂකයින් ප්‍රමාණය මෙවර තරගාවලියේ දී වාර්තා කරමින්.

සති හයකට වැඩි කාලයක් ඉන්දියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව 1,250,307 ක් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මීට පෙර වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් අයි.සී.සී තරගාවලියක් නැරඹීමට පැමිණ තිබුණේ 2015 ලෝක කුසලානයේ දී යි.

නවසීලන්තයේ දී හා ඔස්ට්‍රේලියාවේ දී පැවැති එම තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයින් 1,016,420 ක් පැමිණ තිබුණා.

එංගලන්තයේ දී හා වේල්ස් හී දී පැවැති 2019 ලෝක කුසලානය නැරඹූ ප්‍රේක්ෂකයින් ප්‍රමාණය 752,000 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...