“දෙදෙනාම මට නැති වුණා. මගේ හොදම රසිකාවිය තමයි අම්මා” රෂීඩ් ඛාන්

Date:

මේ වන විට ලොව අංක එකේ 20යි 20 පන්දු යවන්නා ලෙස සැලකෙන්නේ ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්.

ඒ හේතුවෙන්ම ඔහුට ලොව පුරා ලීග් තරගාවලියන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

ලොව ප්‍රධානතම 20යි 20 ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ඔහු මේ දිනවල එක්ව සිටින අතර, එහිදී රෂීඩ් ඛාන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වී ඇති අයුරු දක්නට ලැබෙනවා.

ඊයේ(29) පැවැති තරගාවලියේ 11 වන තරගයේ දී ද ඔහු සිය දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කළේ 20යි 20 පිටියේ වටිනාම ක්‍රීඩකයින් අතර තමන් ද ඉහළින්ම සිටින බව යළි යළිත් තහවුරු කරමින්.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඔහු ඊයේ දිනයේ දී ලකුණු 14ක් පමණක් ලබා දී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්.

ඔහුගේ එම සුවිශේෂී දක්ෂතාව හේතුවෙන් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහනය වාර්තා කර ගැනීමට ද සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.

රෂීඩ් ඛාන් යනු තවමත් 22 හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයෙක්.

කෙසේ වෙතත්, මෑතකදී ඔහු සිය පෞද්ගලික ජීවිතයේ දී ප්‍රශ්න රැසකට මුහුණ දුන් අතර, පසුගිය වසර එකහමාරක කාලය ඔහුට ඉතා දුෂ්කර වූ කාලයක් ගත කිරීමට සිදු වූ බව නොරහසක්.

“පසුගිය වසර එකහමාරක කාලය මට ගොඩක් අමාරු වුණා. පළමුවෙන් මගේ පියා නැති වුණා. පසුව මගේ මව නැතිවුණා. ඒ නිසා මට යම් කාලයක් ගත වුණා යළි ප්‍රකෘති තත්ත්වයට එන්න. මගේ මව තමයි මගේ ලොකුම රසිකාවිය.  තරගයේ වීරයා සම්මානයක් දිනා ගත්තම ඇය රාත්‍රිය පුරාවටම මාත් සමග කතා කරනවා. මගේ මේ සම්මානය මම ඔවුන්ට පුද කරනවා”

යනුවෙන් රෂීඩ් ඛාන් ඊයේ තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිමින් සංවේදීව අදහස් පල කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...