ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සමට අද වුණ දේ

Date:

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොණු කෙරුණු පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් අද (16) පත් කෙරුණා.

ඒ, එම පෙත්සම විභාගයට පත් කළ විනිසුරු මඩුල්ලෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන්.

අදාළ පෙත්සම ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අතර, එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා කියා සිටියේ තමන් මෙම පෙත්සම විභාගයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

ඒ අනුව මෙම පෙත්සම විභාගය සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට, අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණා.

එහිදී එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමටයි නියම කෙරුණේ.

මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවන් තිදෙනෙකු ඉවත්ව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කරමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය පිළිබද එළඹෙන සදුදා වනතුරු ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ලබා දුන් පොරොන්දුවකට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා ඇති වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට ද අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව පෙත්සම සලකා බැලීම එළඹෙන 20 වැනි සඳුදා තෙක් කල් තැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...