චමරිගේ නමින් ඔස්ට්‍රේලියාවේ විශේෂ ආසන කලාපයක් නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නමින් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විශේෂයෙන් වෙන්කළ ආසන කලාපයක් නම් කිරිමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ එළඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත සිඩ්නි සික්සර්ස් හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම් අතර තරගය වෙනුවෙනුයි මෙම නම් කිරීම සිදු කිරීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව “Chamari Bay” යනුවෙන් එම ආසන කලාපය නම් කිරීමට කටයුතු කිරීමට නියමිතයි.

මෙවර බිග් බෑෂ් ලීග් කාන්තා තරගාවලියේ දී තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් චමරි මේ වන විට ඉනිම 9කදී ලකුණු 374 ක් ලබා සිටිනවා. ඒ, ඉනිමක සාමාන්‍ය 41.55 ක් ලෙස සටහන් කර ගනිමින්.

මෙවර තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණුලාභිනිය වන්නේ ද චමරි අතපත්තුයි.

සිය නමින් ආසන කලාපයක් නම් කිරීම සම්බන්ධයෙන් චමරි අතපත්තු මෙලෙස අදහස් දක්වා සිටියා :

“I am truly honored and thrilled to have a dedicated seating zone named after me at the Sydney Cricket Ground. It’s a special moment for me, and I am looking forward to the match at this iconic venue. I hope ‘Chamari Bay’ becomes a gathering place for cricket enthusiasts and brings people together to celebrate the spirit of the game,”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...