Watch : දකුණු අප්‍රිකා පළමු කඩුලු 4 ලකුණු 24 කට දැවී ගිය හැටි

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය මේ වන විට කොල්කටා හී දී පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ, පළමු කඩුලු 4 ලකුණු 24 ක් තුළ දවා ගනිමින්.

ටෙම්බා බවුමා ලකුණු නොලබාත්, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 3කටත්, රසී වැන් ඩර් ඩසන් ලකුණු 6කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 10 කටත් දැවී ගියා. (දර්ශන පහතින්)

මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලමින් මෙම කඩුලු 4 දකුණු අප්‍රිකාවට අහිමි කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...