අතුරු කමිටුවට එරෙහි පෙත්සම යළි සලකා බැලීම අද ; ක්‍රිකට් ආයතනය ඇමතිගෙන් බිලියන 2.4ක වන්දියක් ඉල්ලයි

Date:

ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොණු කෙරුණු පෙත්සම අද(16) යළි සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ඒ, ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

ක්‍රිකට් අතුරු කමිටුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පසුගිය 14 වැනිදා ඉවත් වීම හේතුවෙනුයි මෙම නව විනිසුරු මඩුල්ල පත් කෙරුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය පසුගිය 05 වන දින සිට අත්හිටුවමින් හා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලන මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය 6 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත්, ඊට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ අතුරු කමිටුව සහ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් දින 14 ක කාලයක් සදහා අතුරු තහනම් නියෝගයක් පසුගිය 7 වැනිදා නිකුත් කළා.

අනතුරුව මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 13 වැනිදා මෝසමක් ගොනු කළා.

එම මෝසම පසුගිය 14 වැනිදා අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, අනතුරුව සභාපති විනිසුරුවරයා පැවසුවේ ඇතැම් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.

මේ අතර, ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ද ගොණු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ක්‍රිකට් ආයතනයේ කීර්තිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම නඩුව ගොණු කළ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...