හෙන්රි නිකල්ස්ට එල්ල වූ චෝදනා අසත්‍ය බව හෙළි වෙයි

Date:

පන්දුව පළුදු කළ බවට නවසීලන්ත පිතිකරු හෙන්රි නිකල්ස්ට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදොස් කර තිබෙනවා

දේශිය තරගාවලියක් වන Plunket Shield තරගාවලියේ දී Canterbury කණ්ඩායම නියෝජනය කරන ඔහු පසුගිය සතියේ දී Auckland කණ්ඩායම සමග පැවැති තරගයේ දී පන්දුව පළුදු කළ බවටයි චෝදනා එල්ල වුණේ.

හිස් ආවරණයක පන්දුව පිරිමදිමින් ඔහු පන්දුව පළුදු කිරීමට තැත් කරන බවට සැකයක් මතුව තිබුණේ වීඩියෝ දර්ශනවලින් එවැනි ක්‍රියාවක් දක්නට ලැබී තිබූ බැවින්. (දර්ශන පහතින්)

ඒ අනුව නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ විනය නීති සංග්‍රහයේ 3.1 නීතිය යටයේ, 1.15 වගන්තිය ඔස්සේ ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණේ පන්දුව පළුදු කරමින් 41.3 ක්‍රිකට් නීතිය උල්ලංඝනය කළ බව පවසමිනුයි.

කෙසේ වෙතත්, විනය පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ඔහු එවැනි කිසිදු නීති උල්ලංඝනය කිරීමක් සිදු කර නොමැති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...