Watch : සියල්ලන් මවිත කරවමින් වසර 10 කට පසු කෝලි දවා ගත් කඩුල්ල

Date:

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අද (12) පන්දු යැවීමෙන් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව කඩුල්ලක් දවා ගනිමින්.

බැංගලූරුහී දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 410 ක් ලබා ගත්තා.

ඉන්දීය පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස නායක ස්කොට් එඩ්වර්ඩ්ස් දවා ගැනීමට කෝලි සමත් වුණේ රැස්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීතිඝෝෂා මැදයි.

මෙය කෝලි දවා ගත් 5 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ලයි. එමෙන්ම ඔහු එක්දින කඩුල්ලක් දවා ගත්තේ වසර 10කට පමණ පසුව වීම ද විශේෂත්වයක්. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...