ජය පරාජය අපිට පාලනය කරන්න අමාරුයි : කුසල් මෙන්ඩිස්

Date:

තරග ජය ගැනීම හා පරාජයන්ට පත්වීම තම කණ්ඩායමට පාලනය කිරීම අපහසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක තරගාවලියක් නිමා කරමින් අද(10) අලුයම දිවයිනට පැමිණි අතර, අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලියේ දී තරග 9ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ජය ගත්තේ තරග 2 ක් පමණයි. තරග 7ක් පරාජයට පත් වුණා. බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය හමුවේ ද පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කළේ නෙදර්ලන්තයට හා එංගලන්තයට එරෙහිව පමණයි.

“හැමෝම වගේ (ක්‍රීඩකයින්) මට උදව් කරා. ඉතිං මැච් දිනන පරදින එක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. අපි සවුත්තුවට කරපු දවස්වලට අපි මැච් පරදිනවා. අපි හොදට කරන්නනම් අපි හැම පාර්ට් තුනම හොදට කරන්න ඕනෙ” යනුවෙන් කුසල් මෙන්ඩිස් සදහන් කළා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...