ඇෆ්ඝනිස්තානයට හා පාකිස්තානයට Semi Final යන්න ලද ඇදහිය නොහැකි අභියෝගය

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපය මේ දිනවලදී පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් පූර්ව වටයට මේ වන විට කණ්ඩායම් 3 ක් සුදුසුකම් ලබා අවසන්ව ඇති අතර, සුදුසුකම් ලැබීමට තවත් අවස්ථාව ඇත්තේ එක් කණ්ඩායමකට පමණයි.

ඒ සදහා නවසීලන්තය, පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය අතර තරගයක් නිර්මාණය වී ඇති නමුත්, නවසීලන්තය අවසන් පූර්ව වටයේ ස්ථානයක් බොහෝ දුරට හිමි කර ගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

ඒ, නවසීලන්තය සතුව පවතින ඉහළ ශුද්ධ ලකුණු වේගය හේතුවෙන්. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

නවසීලන්තය මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර, ඔවුන් මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කර අවසන්. කෙසේ වෙතත්, පාකිස්තානයට හා ඇෆ්ඝනිස්තානයට එක් තරගය බැගින් ඉතිරිව තිබෙනවා.

අද (10) දිනයේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව අහ්මදාබාද්හී දී තරග වැදීමට නියමිතයි. මෙම තරගයෙන් ඇෆ්ඝනිස්තානය ජය ගතහොත් ඔවුන්ට නවසීලන්තයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සම කළ හැකි වනවා.

කෙසේ වෙතත්, නවසීලන්තයේ ශුද්ධ ලකුණු ප්‍රමාණය අභිබවා යාමටනම් ඇෆ්ඝනිස්තානය අද තරගයෙන් ලකුණු 438 ක ජයක් වාර්තා කළ යුතු වීම විශේෂත්වයක්.

එංගලන්තය හා පාකිස්තානය අතර තරගය හෙට පැවැත්වෙනවා. ඇෆ්ඝනිස්තානයට මෙන්ම නවසීලන්තය අභිබවා අවසන් පූර්ව වටයට පිවිසීමටනම් පාකිස්තානය ද මෙම තරගය ඉහළ පරතරයක් සහිතව ජය ගත යුතුයි.

එම තරගයේ දී පාකිස්තානය පළමුව පන්දුවට පහර දී ලකුණු 300 ක් වාර්තා කළ හොත්, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් එංගලන්තයට එරෙහිව පාකිස්තානය ලකුණු 287 ක ජයක් වාර්තා කළ යුතු වනවා.

පාකිස්තානය ලකුණු 450 ක් වාර්තා කළහොත්, ඔවුන්ට එංගලන්ත කණ්ඩායම ලකුණු 161 කට සීමා කරමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි කර ගත හැකියි.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...